Spread the love

විවෘත කෙරුනු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ නියමිත වේග සීමා සහ නියමිත දුර ප්‍රමාණ පවත්වා ගනිමින් රිය ධාවනයේ යෙදෙන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා පැවසීය.

අදාළ මාර්ග කොටසේ ඇතැම් රියදුරන් විසින් විනෝදය සඳහා අධික වේගයෙන් රිය ධාවනය කරන බවට පැමිණිලි ලැබි ඇතිබව පැවසීය.

එලෙස මාර්ග නීති උල්ලංගණය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව වැඩ බලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.