Spread the love

මුහුදේදි අනතුරට ලක්වන දේශිය යාත්‍රා වලට සහන සැපයිමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතියි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ සදහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලැබෙයි.මේ අතර ධිවර කාර්මිකයින් සුරැකිමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇතිබව ධීවර රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සදහා සියලු ධිවර වරාය ආශ්‍රිතව නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය දැනටමත් රාජකාරියේ නිරතව සිටියී.විදේශ රටවල අත්අඩංගුවට පත්වන දේශිය ධිවර යාත්‍රා සහ මෙරට මුහුදු සිමාව උල්ලංඝණය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ධිවර යාත්‍රා සම්බන්ධයෙන් ද මේ යටතේ විශේෂ අවධානයක් යොමුකරන බව රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.