
දිවයිනපුරා ඊයේ (26) දිනයේ ගතවු පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 4 ක් සිදුවී පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
පේදුරුතුඩුව – චාවකච්චේරිය මාර්ගයේ කප්පදු ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 40 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.
නෙල්ලිඅඩි දෙස සිට චාවකච්චේරි දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව බෝක්කුවක් අසල ජලය පිරුණු වළකට වැටී එම අනතුර සිදුව තිබේ.
ගම්පහ – ජා ඇළ මාර්ගයේ මාබිම පිරිවෙන් හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
ගම්පහ දෙස සිට ජා ඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක ඊට විරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක ගැටී එම අනතුර සිදුව තිබේ.
මේ අතර තලාව – අනුරාධපුර මාර්ගයේ පොතානේගම හංදිය අසලදී සිදුවූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.
මහනුවර – යාපනය මාර්ගයේ 257 වන කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ වාහනයකින් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකු හප්පා පළා ගොස් තිබේ.
පදිකයා බරපතළ තුවාල ලබා කිලිවොච්චිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.