Spread the love

වෙල්ලාවලි නගරයේදී නීති විරෝධීව කැබ් රථයකින් පෙට්‍රල් ප්‍රවාහනය කර පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාවලි පොලිසිය පවසයි.

බැරල් කිහිපයක ගබඩා කර තිබූ පෙට්‍රල් ලීටර් 850ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 47 සහ 41 වයස් වල පසුවන මහඔය ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

සැකකරුවන් (22) ඊයේ කලවංචිකුඩි මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන (25) බදාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.