Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව ගෝලීය අගයදාමයන් සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට කටයුතු කර ඇත.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩුපාඩු මඟහරවාලමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙන අතර අදාළ සියලු ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදු කිරීමට නියමිතයි.