Spread the love

පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කිරීම හේතුවෙන් අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ දක්වා පළාත් තුළ පමණක් බස්රථ ධාවනය සිදුවන අතර දුම්රිය ධාවනය පළාත් තුළ හෝ මෙතෙක් ආරම්භ කර නැහැ. ඒ අනුව සංචරණ සීමා ඉවත් කිරිමෙන් පසු ලබන 21 වනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවා ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

“21 වෙනිදායින් පස්සේ මේක ලිහිල් කරනවා කියන සහතිකය අපිට දීලා තිබෙන බැවින් අන්තර් පළාත් ප්‍රවාහනයත් ආරම්භ කිරීමට අදහස් කරන බවද පැවසුවේය.