Spread the love

අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් වාරණ නියෝගයක් ලබාදී තිබේ.

විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය හා ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළු වීම එමගින් තහනම් කර තිබේ.

එමෙන්ම තවත් නම් කරන ලද මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙස ද නියෝගයෙන් දැනුම් දී ඇත.

මේ අතර මෙම ප්‍රදේශයන්ට අමතර පොලිස් බලඇණි කැඳවමින් ඇති අතර ජල ප්‍රහාරක රථද කැඳවමින් තිබේ.