Spread the love


ඉකුත් සැප්තැම්බර් මස 26 වන දින වාලච්චේන ධිවර වරායෙන් ධීවර කටයුතු සදහා පිටපත්ව ගිය වාලච්චේන ධීවරයන් හතරදෙනෙකු අතුරුදන්ව ඇති බව පවුලේ ඥාතීන් දිස්ත්‍රික් ධීවර ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ධීවරයන් සොය ගැනීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉන්දීය නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට පියවර ගන්නා ලදි.


ඒ අනුව ශ්‍රි ලංකාවේ සිට මීටර් 600ක් පමණ ඈත මුහුදේ සිටියදී ධීවරයන් හතරදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට ඉන්දීය නාවික හමුදාවට හැකි වු අතර පසුව ඔවුන් අන්දමන් දූපතට රැගෙන යාමට කටයුතු කර තිබුණි.
අතුරුදන්ව සිටි ධීවරයන් සිවුදෙනා බේරාගෙන අන්දමන් දූපත්වල රදවා ඇති බවට ඉන්දීය නාවික හමුදාව මගින් ධීවර අමාත්‍යාංශය දැනුවත් කිරීමෙන් පසු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ රජයේ වියදමින් මෙම ධීවරයන් සිවුදෙනා ලංකාවට රැගෙන ඒම සදහා කටයුතු කරන ලෙසයි.