Spread the love

අනාරක්ෂිතව යතුරු පැදි පදවමින් සිටි තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

119 පොලිස් හදිසි ඇමතුම් අංකය ලද තොරතුරකට අනුව පිළියන්දල පොලිසිය විසිනුයි මෙම තරුණයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිසිය පැවසුවේ ඔවුන් තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත යතුරු පැදි ධාවයේ යෙදී සිටි බවයි.

අත්අඩංගුවට ගත් තරුණයින් මහරගම සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්වනවා.

ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.