Spread the love


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (03) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව ඔහු අනිද්දා (03) සවස දිවයිනට පැමිණෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. එල්ලවූ මහජන විරෝධතා මැද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 14 වනදා මාලදිවයින හරහා සිංගප්පූරුව වෙත ගොස් තිබුණු අතර පසුව ඔහු තායිලන්තයට පැමිණ තිබිණ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ.