Spread the love


නිමල් රාජපක්ෂ-

රට ආර්ථික වශයෙන් අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පා සිටින මේ මොහොතේ රටේ පවතින ආදායම අනුව වියදම් අනුපිලිවෙලක් සකසා ඒ අනුව කටයුතු කරන බවත්, එම අනුපිලිවෙල වෙනස් වුනහොත් ආර්ථිකය කළමණාකරණය කරගැනීමේ යම් ගැටළුකට මුහුණ පෑමට සිදුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට – අටලුගම ප්‍රදේශයේදී අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මේ මාසය තුළ ඉදිරියට සමෘද්ධි දීමනා , පෙලපොත් මුද්‍රණය, වී මිලදී ගැනීම සේවක වැටුප් ගෙවීම ආදිය සිදු කිරීමට වියදම් කළයුතු බවත් , ඒ අනුව එම අනුපිලිවෙල වෙනස් කිරීමට සිදුවුවහොත් ගැටථ රාශියකට මුහුණ පෑමට සිදුවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න