Spread the love


උතුරු පළාත තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන මුහුදු කූඩැල්ලන් වගා පොළවල් ධීවර අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව ආරම්භ කිරීමට කිසිදු අයකුට ඉඩදිය නොහැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ උතුරු පළාතේ පවත්වාගන යන මුහුදු කූඩැල්ලන් වගා පොළවල් නිරීක්ෂණය කිරීමට එක්වෙමිණි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා උතුරු පළාතේ දැනට පවත්වාගෙන යන මුහුදු කූඩැල්ලන් වගා පොළවල් හා අලුතින් ආරම්භවන වගා පොළවල් සදහා දැනට පවතින නීති යටතේ ආරම්භ කල යුතු අතර වගා පොළවල් වැඩි වීම නිසා ඒ සදහා අවශ්‍ය පැටවුන් ලබා දීමට වැඩ පිළිවෙලක්ද සකස් කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්
අමාත්‍යවරයා රටේ දැනට පවතින ආර්ථික තත්වය හේතුවෙන් විදේශ විනිමය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස මුහුදු කූඩැල්ලන් වගාව ව්‍යාප්ත කිරීම තම අරමුණ බවත්, ඒ සදහා නිලධාරීන් හා වගා කරුවන් උනන්දු විය යුතු බවද අමාත්‍යනවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් නිලධාරීන්, ජලජීවි ආයතනයේ නිලධාරීන් හා වගා කරුවන් පිරිසක් එක්වුහ.