Spread the love

අනුරාධපුර නුවර වැව ජල පවිත්‍රාගාරය පවිත්‍ර කිරීම සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් (09) හෙට රාත්‍රි 09.00 සිට (10) අනිද්දා පස්වරු 06.00  දක්වා පැය 21 කාලයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පවසයි.
ඒ අනුව මිහින්තලේ ජල සම්පාදන බල ප්‍රදේශයේ සහ අනුරාධපුර උතුර ජල සම්පාදන බල ප්‍රදේශය සහ අනුරාධපුර නව නගර ජල සම්පාදන බල ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවෙයි.වැඩිදුර විස්තර සදහා ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ 1939 ක්ශනික දුරකථන අංකය ඇමැතිය හැකිය.