Spread the love

අනුරාධපුර ඕඩීසී දුම්රියේ මංගල ගමන ලත් තැනම ලොප් වෙයි. උත්තර දේවී දුම්රිය තඹුත්තේගම හා සෙනරත්මග දුම්රිය ස්ථාන අතර පිලි පැනීම හේතුවෙන් අනුරාධපුර ඹඩිසි දුම්රිය ගමනාත්තය වන අනුරාධපුර දක්වා ධාවනය කිරීමට හැකියාවක් නොලැබුණි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (08) පෙරවරු 09.20 ට අනුරාධපුරය දක්වා විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගමන් ආරම්භ කලද දුම්රිය මහව දුම්රිය ස්ථානයේ නවතා තැබූ අතර එම දුම්රිය භාවිතා කල මගී ජනතාව දැඩි අපහාසුතාවයට පත් වු බව දුම්රිය ස්ථානාධීපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි

අද උදෑසන උත්තර දේවී දුම්රිය පීලී පැන්න ද මේ වන විට ත් ( වේලාව 20.00 පැය ) එම දුම්රිය පීලී ගත කිරීමට අදාල අංශයන්ට නොහැකිව ඇත.

ඒ හේතුවෙන් කලින් ආසන වෙන් කල දුම්රිය 04 ක මගීන් විශාල වශයෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇත

උතුරු මාර්ගයේ ද විශාල වශයෙන් දුම්රිය මගී ජනතාව භාවිතා කරන අතර දුම්රිය ස්ථානාධිපති සංගමය , සංගමයක් වශයෙන් උතුරු මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධන කරන ලෙස ඉල්ලීම් කිහිපයක්ම කර ඇත.
නමුත් අවසානයේ මහව ඕමන්තය නොව අනුරාධපුර දක්වා හෝ ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධන කරන ලෙස ඉල්ලීම් කරන ලදී. ඒ විශාල වශයෙන් එම කොටසේ දුම්රිය ප්‍රමාණයක් ධාවන වන නිසාත් හදිසියේ දුම්රිය පිලී පැනීමක් සිදු වුවහොත් අනෙක් මාර්ගය භාවිතා කොට දුම්රිය ධාවනය කිරීමට හැකි වන බැවිනි.

නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ හා අදාල අංශයන් වෙත එම මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධන කිරීම හරහා ප්‍රයෝජනවත් ලෙස එම මුදල් ආයෝජන කිරීමට හැකි බව දැනුවත් කල ද , ඵලදායී නැත.
දුම්රිය බලධාරීන් මීට වඩා දුර දක්නා නුවනින් වැඩ කලේ නම් අද මෙවැනි මගීන් සංඛ්‍යාවක් දුම්රියයන් තුළ දැඩි අපහසුතාවයන්ට පත් නොවන බවත් ඉදිරියේදීවත් මෙම මාර්ඟය ද්විත්ව දුම්රිය මාර්ගයක් කිරීමට කටයුතු කරනු ඇතැයිද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා ප බලධාරීන්ගෙන් ඉල්ලා සිටී .