විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
2023 මාර්තු 16 වැනි දින පෙ.ව.8 සිට වෘත්තිකයන්ට අසාධාරණ බදු පැනවීමට එරෙහිව අප ගත් වත්මන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීම.
වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය වෘත්තිකයන් වෙත අසාධාරණ බදු පැනවීම පිළිබඳ වත්මන් තත්ත්වය ගැඹුරින් සලකා බැලීමෙන් පසුව පහත සඳහන් හේතු මත පදනම්ව 2023 මාර්තු 16 වැනි දින පෙ.ව.8.00 සිට වත්මන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදී.
- වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය විසින් 2023 මාර්තු 13 වැනි දින අතිගරු ජනාධිපතිතුමා සමඟ පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලය
- 2023 මාර්තු 14 වන දින ජනාධිපති ලේකම්වරයා විසින් GMOA සභාපතිවරයා හරහා වෘත්තීය සන්ධානය වෙත නිකුත් කරන ලද ලිපියේ සදහන් කරැනු
- රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් 2023 මාර්තු 21දින වන විට අපේක්ෂිත ප්‍රතිඵලය
- විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමාජයේ දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි කොටසට මෙම වෘත්තීය සමිති ක්‍රියාවේ අයහපත් බලපෑම
කෙසේ වෙතත්, ඉදිරි මාසවලදී වත්මන් බදු ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට රජය විසින් ලබා දී ඇති සහතික පිළිබඳව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය ඉතා සුපරීක්ෂාකාරී වන අතර, ලබා දුන් සහතික අපේක්ෂිත ප්‍රතිඵල බවට පරිවර්තනය නොකළහොත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවනු ඇත.
එපමනක් නොව, වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය අනවශ්‍ය රාජ්‍ය වියදම් අධීක්ෂණය කිරීමට කැපවී සිටින අතර දේශපාලන හේතු මත අනවශ්‍ය හා අවිධිමත් ක්‍රියා කරමින් තම වියදම් වැඩි කිරීමට රජය පියවර ගන්නේ නම් එයට විරෝධතා දැක්වීමට පසුබට නොවනු ඇත.
– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය