අපි කළේ එකිනෙකා පිල්වලට බෙදිල වාද විවාද කරගෙන පාර්ලිමේන්තුව වාද මඩුවක් බවට පත් කර ගත්ත එක විතරයි. ඒ වාදමඩුවෙන් පිටතට ගිහිල්ලා ජනතාවට මග පෙන්වන සාධනීය වැඩ පිළිවෙලකට ගියේ නැතැයි වරාය, නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
එමනිසා අද දේශපාලනඥයින් පිළිබදව මේ රටේ සුවිශේෂී විවේචනයක් තියෙනවා. හැම වැරැද්දක්ම පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයින් 225 දෙනාට ලඝු කරනවා. එහි යම් සාධාරණයක් තියෙනවා. මේ රටේ කිසිම පාලන තන්ත්‍රයක් තූළින් මේ රට මෙවැනි තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත්තේ නැහැ.
පටු දේශපාලනය අපි කරපින්නගෙන සිටිය නමුත් දැන් ඒ යුගයෙන් එළියට ඇවිල්ලා ජනතාවගේ අනාගත දේශපාලන තීන්දුව මොනව වුනත් රටට හොඳ වැඩපිළිවෙලත් එක්ක අප වැඩ කටයුතු කරන්න සපථ වෙලා ඉන්න ඕන යැයිද ඇමතිවරයා පැවසුවේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පල කළේ 2023 ජනවාරි 02 වන දින වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීය.
මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා ,”කාර්යක්‍ෂමතාවය යනු සියලු පහසුකම් සහිතව වැඩකටයුතු කිරීම නොවන බවත් තිබෙන අවම පහසුකම් වලින් තම රාජකාරි ඉටු කිරීම බවයි. කාර්යක්ෂමතාවය වැඩි කිරීමට පහසුකම් වැඩි කල යුතුයි කියලා නියමයක් නැහැ. අඩුම පහසුකම් වලින් වැඩිම කාර්යක්ෂමතාවයක් හා ඵලදායිතාවයක් ඉටු කරන නිලධාරියා තමයි නියම නිලධාරියා. නැතුව ඒක නැහැ, මේක නැහැ කියලා ලිපිගොනු පැත්තකට දාලා, තීන්දු ගන්නේ නැතිව රජයේ සේවය ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ”
ඒ වගේම අපෙන් සේවාවන් බලාපොරොත්තු වන ජනතාවගේ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරදීමට අපි නොපසුබට විය යුතුයි. අනෙක් අමාත්‍යංශ පිලිබඳ සලකා බැලූ විට රටට සුවිශේෂි දායකත්වය ලබා පදිය හැකි ආයතනය තමා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය බව පැවසු අමාත්‍යවරයා මෙම අමාත්‍යංශ යටතේ සේවය කරනු ලබන සේවකයින්ට රටේ ආර්ථිකය ගොඩ ගැනීමට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත්, ඒ සඳහා එක්ව කටයුතු ජනතාව මොන දේශපාලන තීන්දුවක් ගත්තත් රටට වැඩදායි
විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත්, ඒ සඳහා එක්ව කටයුතු කරන ලෙසත් පැවසීය.