Spread the love

අරගලයේ දෙවැනි නැගිටීම ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙයවීමෙන් සිදුවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ජනතාව සතුව ඇති විසිරී තිබෙන බලය සංවිධානාත්මකව ඒකරාශී කළ යුතු බවත් අරගලයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය නොලැබීම හේතුවෙන් අපේක්ෂා භංගත්වයක් ජනතාව තුළ ඇති වී තිබේ.

විශාල ජනතා නැගිටීම අවසානයේදී උපරිම ජයග්‍රහණය ජනතාව වෙත ලබාගන්න අසමත් වූ බැවින් ජනතාවට පසුබෑමේ මනෝභාවයක් පෙන්නුම් කරන බවයි අකුරැස්ස නගරයේ පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රථම ආසන සභාව අමතමින් අනුර කුමාර දිසානායක සදහන් කලේ.