Spread the love



දකුණු ඇමෙරිකාවේ පැනමා රටේ සිට බෙල්ජියම සහ සෞදි අරාබිය හරහා කොළඹ වරායට පසුගියදා පැමිණ ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීම සඳහා සුදානම් කර තිබුණු බහාලුම් හතරක් සෝදිසි කිරිමේදි එහි තිබී රුපියල් මිලියන 6000 ක් වටිනා කොකෙන් මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට‌ ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ කොකේන් කිලෝ 300 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයයි.

සැක සහිත අඩි 20 බහාලුම් 4 ක තුළ අබලි යකඩ අඩංගු බවට නැවු භාණ්ඩ ලේඛනයේ සඳහන් කර තිබුණ අතර ඉන් එක් බහාලුමක් තුළ තිබී කොකේන් නමැති මත් ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවා.


මේ වන විට එහි ගමන් බෑග් 10 ක් තුළ ඇසුරුම් කොට විශාල යකඩ බඳුනක් තුළ සඟවා තිබිදි මෙම කොකේන් කිලෝ 300 ක සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වි ඇත.


සිද්ධිය පිළිබද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදී තිබේ.