Spread the love

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවැනි අදියරේ පිහිටි රාජ්‍ය අමාත්‍යංශයේදී අද (13) රාජකාරී ආරම්භ කළේය.
එහිදී රාජකාරී ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ලිපියකට අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.