Spread the love

ඉදිරියේදී භාණ්ඩ මිල පහල යනු ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා .

රුපියල ශක්තිමත්ව ඩොලරයේ අගය පහත වැටීමත් සමග මෙලෙස භාණ්ඩ මිල අඩුවනු ඇති බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ .

අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පල කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන සම්මේලනය අමතමින් .

ආර්ථිකය යහපත් වීම පිලිබදව දීර්ඝ කාලයක සිට ජනතාව අපේක්ෂාවන් පසුවන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ පසුගියදා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් .