Spread the love



රටතුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සදහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමටත්, 20වන සංශෝධනයේ අඩංගු කරුණු සංශෝධනය කිරීමත් තුළ 21 වන සංශෝධනය කරගෙන ඒමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මංඩලයට ගෙන එන ලද යෝජනාවට අමාත්‍ය මංඩල අනුමැතිය ලැබී ඇති අතර එය අධ්‍යනය කිරීම සදහා පස් දෙනකුගෙන් යුතු කමිටුවක්ද පත්කර ඇත.
එම කමිටු සාමාජිකයකු ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත්කොට ඇත.
මෙම කමිටුවට අමාත්‍යවරුන් වන ජී.එල්.පීරිස්, දිනේෂ් ගුණවර්ධන, අලීසබ්‍රී හා රමේෂ් පතිරණ යන අයගෙන් සැදුම්ලත් අතර වර්තමාන අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පැවතෙන බලතල අඩුකර එම බල තල පාර්ලිමේන්තුවට පැවරීමටත් ඒ මගින් රටේ උද්ගතව පවතින තත්වයට කඩිනම් විසදුමක් ලබාදීමට මෙම කෙටුම්පත අධ්‍යනය කිරීම මෙම අනුකමිටුවේ කාර්ය භාර්ය වනු ඇත.