Spread the love

සමාජ ප්‍රතිලාභ ගෙවීම සදහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනේ අයදුම්පත්‍ර භාර ගැනීම ලබන 28 වනදා දක්වා දීර්ඝ කල බව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ සදහා අයදුම්පත්‍ර භාර ගැනීම අද (15) දිනයේ අවසන් වීමට නියමිතව තිබිණි.

සහනාධාර අපේක්ෂාවෙන් සිටින සහ තවමත් අයදුම්පත්‍ර නිකුත් කිරීමට අපොහොසත් වුවත් සදහා මෙම අවස්ථාව විවෘතව ඇතිබව සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.