නිමල් රාජපක්ෂ-
දිවයින පුරා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයට පස් කදු කඩා වැටීම් , දුම්රිය ස්ථාන හා දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය නියමිත දුම්රියයන් කිහිපයක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
මේ හේතූන් නිසා අද දිනයේ බලුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.40ට නානුඔය බලා ධාවනය වන දුම්රියන්අවලංගු කිරීමට සිදුවී ඇත.
මහනුවර සහ මහයියාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වෙත පස් කඩා වැටී මාර්ගය අවහිර වී ඇත.
ගෙලිඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය ජලයෙන් යට වී ඇත. වර්ෂාවෙන් යට වූ මහනුවර දුම්රිය ස්ථානයේ ජලය මේ වන විට බැස ගොස් ඇති දුම්රිය ස්ථානය පවිත්‍ර කරමින් පවති.
වීඩියෝව නරඹන්න subscribe කරන්න
යහපත් කාලගුණයෙන් උඩරට දුම්රිය මාර්ගය පස්කදු කඩා වැටීම හේතුවෙන් මාර්ගය යථා තත්ත්වයට පත්කළයුතුව ඇති හෙයින් අද දිනයේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් ද අවලංගු කොට ඇතැයිද කසුන් චාමර මහතා ශ්‍රි රාජ් මාධ්‍ය ආයතනය වෙත පැවසුවේය.