Spread the love

ලංකා අයි.ඕ.සී. සමාගම සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 49කින් ඉහළ නංවා තිබුණි.

ඒ අනුව එම සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් දක්වා ඉහළගොස් තිබේ. ලංකා අයි. ඕ. සී සමාගම මේ වසර තුළ පමණක් අවස්ථා 04කදී මිල ඉහළ නැංවීම සිදුකර ඇත.

එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා නිවේදනය කළේ මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම රුපියලේ අගය අවප්‍රමාණයවීම බවය.

ඒ අනුව සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 49කින් ඉහළ නැංවීමත් සමග එම සමාගමේ ඉන්ධන වර්ගවල නව මිල ගණන් දැක්වෙන්නේ මෙසේය.

රුපියල් 254කට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303ක් දක්වා ඉහළ නංවා තිබේ. රුපියල් 283කට පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 332ක් ලෙසය.

මෙතෙක් රුපියල් 263ක්ව පැවති යූරෝ 03 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 312ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සමාගම අලෙවි කරන ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල්වල මිල ගණන් සංශෝධනය කර නොමැත.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා තිබූ ආකාරයක්ද දක්නට ලැබුණි. මේ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ගැන පැහැදිලි කරමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ

, “ඒක අපිට ගැටලුවක්..අපි බලන්නේ IOC එක ගිය සැරෙත් වැඩි කරපුවෙලෙත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය ගෙනල්ලා කිව්වා තෙල් සංස්ථාවත් සමග සම කරන්න කියලා. ඉතින් මම දැන් ලේකම්තුමියට කිව්වා ගිවිසුම පරීක්ෂා කරලා බලන්න අපිට ඒකට කොතරම් බලපෑමක් කරන්න පුළුවන් ද කියලා. ඒ අනුව සඳුදා අපි කැබිනට් එකට පත්‍රිකාවක් ඇරලා ඒකට අවශ්‍ය කටයුතු කරනවා. දැනට අපේ තෙල් මිල වැඩිකරන්නේ නෑ