Spread the love

රට පුරා පිහිටි අලි වැට නඩත්තු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව වනජිවි දෙපාර්ථමේන්තුව පවසයි.

ඒ අනුව එහි පළමු වැඩසටහන ලෙස මින්නේරිය – ගිරිතලේ රක්ෂිතය ආශ්‍රිතව ඉදිකර ඇති අලි වැට නඩත්තුව සදහා බහුකාර්ය නිලධාරින් අනුයුක්ත කර තිබේ.

වසර ගනනාවක සිට අලි වැට කඩාදැමිම, විදුලිය විස්න්ධි වීම් ආදි කරුණු හේතුවෙන් නාඋල ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් සම්බන්ධ අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබූ බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

රජයේ රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල යටතේ බදවාගනු ලැබු බහුකාර්ය නිලධාරින් පිරිසක් අලි වැට නඩත්තුව සඳහා යොමු කර තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ අනෙකුත් අලි වැට නඩත්තු කිරීම සදහා පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.