Spread the love

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද සිට මේ මස 17 වනදා දක්වා එම විශේෂ දුම්රිය ධාවන වැඩසටහන ක්‍රියාත්මක බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ලට සහ බදුල්ලේ සිට කොළඹ කොටුවට මෙන්ම කොළඹ – කොටුව සිට ගාල්ල, මරදාන සිට බෙලිඅත්ත සහ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් එම දිනවලදී ධාවනය කෙරෙනු ඇති.