Spread the love

සිය ජනතාවගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි.
ඒ මගින් වත්මන් දේශපාලන ක්‍රමය පිටු දැකිය හැකි නව පූර්වාදර්ශයක් ඇති කිරීමට තමන් අපේක්ෂා කරන බවයි ආදිවාසී නායකයා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සිය නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කිරීමට ප්‍රමානවත් කාලයක් නොමැති වූවද ඉන් නොනැවතී ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම ඉදිරිපත් වන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලබැද්ද යන ගම්මානවලින් පළාත් පාලන මැතිවරණයට ආදිවාසී තරුණ තරුණියන් කිහිපදෙනෙකු මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් පැවසුවේ.