Spread the love

මේ වසර තුළ අලුතින් අක්කර 450 ක මිරිස් වගා කිරීම සදහා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය තීරණය කෙරේ .
ඒ අනුව දිස්ත්‍රික්ක 03ක එක් දිස්ත්‍රික්කයකින් අක්කර 15 බැගින් තෝරා ගෙන මිරිස් වගා කිරීමට නියමිතයි. කිළිනොච්චි, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අක්කර 450ක් අලුන් මිරිස් වගාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
එසේ වගා කිරීමෙන් ශ්‍රී ලංකාවේ පාරිභෝජනයට අවශ්‍ය මිරිස් අප රටේම නිෂ්පාදනය කර ගත හැකි බවත් , මෙම වසර තුළ තවත් ඉඩම් ප්‍රමාණයක මිරිස් වගා කරන ලෙසත් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ව්‍යාපෘතියට උපදෙස් දී තිබේ.

මෙම ව්‍යාපෘතියෙන් වියලි මිරිස් මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් ලබා ගැනීමට අපේක්ෂිතය.දැනටමත් මෙම ව්‍යාපෘතිය මගින් අක්කර 1600ක මිරිස් වගා කර තිබේ. මෙම මිරිස් වගාවන් තුළ වැඩි අස්වැන්නක් ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පර්යේෂණය කර හඳුන්වා දෙන ලද MICH- 1 හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදය වගා කිරීමට නියමිතය.
මේ සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ව්‍යාපෘතිය මගින් සපයන අතර ගුණාත්මකභාවයෙන් උසස් මිරිස් රට තුළ පාරිභෝජනය සඳහා ලබා දෙන බව ද එම ව්‍යාපෘතිය පවසයි.