Spread the love

මාතර කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ලයේ රන්දෝලි මහ පෙරහැර අද (10) පස්වරු 02.30 යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.
ගැටබරු රජමහා විහාරස්ථානයේ ඇසල මංගල්ලයේ රජ්ජුරු බණ්ඩාර දෙවිදු වෙනුවෙන් පවත්වන ලබන මහා දේව තොයිලය ද අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.

අලුයම ගිනි පෑගීම සහ මහා දේව දානය සිදුකර මෙවර ඇසළ පෙරහැර මංගල්ලය අවසන් වීමට නියමිතයි.
මාතර කොටපොළ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්ලය මෙවර පැවැත්වෙනුයේ 66 වෙනි වරටයි.