නිමල් රාජපක්ෂ-
සිංහල අවුරුදු සමයේ රත්නපුර ,කුරුවිට,ඇහැලියගොඩ,අයගම,කිරිඇල්ල,නිවිතිගල ,පැල්මඩුල්ල හා කලවාන යන ප්‍රදේශවල කල සෝදිසි මෙහෙයුම් වලදි නිති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 108 දෙනෙකු වටලා අධිකරණ වෙත ඉදිරිපත්කොට රුපියල් 328000 දඩ ආදායමක් ලබා ගැනීමට රත්නපුර සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 30 ක් ,ස්ප්‍රීතු සන්තකයේ තබා ගත් 68 ක් ,බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිනිම් 04 ක් හා ගංජා සන්තකයේ තබා ගැනිම් 2 ක්,බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් අලෙවියට ලග තබා ගත් පුද්ගලයින් 04 දෙනෙකු කොටුකරගත් බව රත්නපුර සුරාබදු අධිකාරී ඒ.ජී.එස් .කේ.සෙනෙවිරත්න මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් කොටසක් රත්නපුර ,අවිස්සාවේල්ල ,කලවාන හා පැල්මඩුල්ල යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් රුපියල් 328000/ දඩ ආදායමක් රජයට ලබාදීමට රත්නපුරු සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
තවත් සැකකරුවන් 63 දෙනෙකු ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සෙනෙවිරත්න මහතා පැවසුවේය.
සබරගමුව පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත,රත්නපුර සුරාබදු අධිකාරී ඒ.ජී.එස් .කේ.සෙනෙවිරත්න,මහතාගේ අධික්ෂණය යටතේ, සුරාබදු පරික්ෂක.එම්.එස්.ඒ කුමාර,සැරයන් මේජර්,කේ.ඒ.ඩී.එස් .කොතලාවල ,සුරාබදු සැරයන් 931 එල්.එල්.බී .ඩබ්ලිව් තෙන්නකෝන්,කෝප්‍රල් 940 එල්.පි. දිසානායක,නියාමක වරුන්වන 1053 පුර්ණ, 1162 දේවගේ, 1192 ප්‍රියදර්ශන,රියදුරු ධනංජය යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.
