Spread the love

එළබෙන සිංහල හා හින්දු අවුරුදු සමයේගම් බිම් බලා යන මගී ජනතාවගේ ගමන් පහසුව සදහා හෙට (08) සිට 18 වැනිදා දක්වා විශේෂිත දුම්රිය සේවාවන් ආරම්භ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාර ඩම්මික ජයසුන්දර මහතා පවසයි .


එ් අනුව ප්‍රධාන ,උතුරු ,පුත්තලම් හා මුහුදු බඩ යන මාර්ග වල මගී ජනතාවට ඉතා පහසුවෙන් ගමන් කිරිීම සදහා දුම්රිය ධාවනයට එක් කොට තිබේ.,
මහනුවර ,නානුඹය ,බදුල්ල ,කුරණෑගල ,ගණේවත්ත ,මහව ,අනුරාධපුරය ,කන්කසන්තුරේ,මඩකලපුව ,නුර්නගර්,පුත්තලම , ගාල්ල ,මාතර ,බෙලිඅත්ත යන දුම්රිය ස්ථාන කරා සීඝ්‍රගාමී දුම්රිය ,නගරාන්තර දුම්රිය හා රාත්‍රී තැපැල් දුම්රියයන් ධාවනයට එක්කොට තිබේ.මීට අමතරව මන්ද ගාමී දුම්රියයන් ද ධාවනය කරනු ඇත.
මෙහිදී අදාල දුම්රියයන් ධාවනයට එක්කොට ඇති අතර මගි ජනතාවගේ අවශ්‍යතාවය මත ඒ අවස්ථාවට අනුව දුම්රියයන් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන)ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.

කාලසටහන පහතින්