නිමල් රාජපක්ෂ-ගාල්ල විජේසිංහ-
සර්ප විෂෙන් මිනිස් ජීවිත අහිවී යැයි රෝහලේ දී වෛද්‍යවරු පැවසුවත් එවන් අයට ජීවය දෙන අවුරුදු 107 වයසැති ඉසිවරයකු ගාල්ල කරන්දෙණිය හිපංකන්ද ප්‍රදේශයෙන් අපට හමුවිය.
ඒ වෙනත් කිසිවකු නොව අවුරුදු 107 වයසැති පී.එච්.ඒමිස් මහතායි. ඹහුට දරුවන් 18 දෙනෙකු සිටී . ගැහැණු දරුවන් 9 දෙනකු හා පිිරිමි දරුවන් 9 දෙනකුද වෙයි. එම දරුවන් 18 දෙනාට මුණුබුරු මුණුබිරියන් 120 දෙනකුගෙන් සමන්විත පවුලකි.
ඉතා දුෂ්කර ගම්මානයක වෙසෙන ඒමිස් මහතා අද වනවිටත් ඉතාමත් හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.
කණ්නාඩියක්වත් පාවිචි නොකරන ඒමිස් මහතා සීනි වෙනුවට කිතුල් හකුරු භාවිත කමින් එදාසිට තේවතුර පානය කර තිබේ. එවකට කිතුල් ගසක් මැදගනිමින් ජිවිකාව ගෙන ගියද ඉතා දක්ෂ සර්ප විෂ වෛද්‍යවරයෙකි . සර්පයකු දෂ්ඨ කර රෝහල් ගතකල අයකුට නලාව තබා වෛද්‍ය වරයකු මෙම රෝගිය මිය ගිය අයකු බවට පැවසුවද ,ඒමිස් මහතා වෙත එම රෝගියා රැගෙන ආවොත් අනිවාර්යයෙන්ම ජීවත් කරවන බවද එතුමා පවසයි.
ලොකු පුතා–
සර්පයකු දෂ්ඨ කල අයකු මිය යන්නේ නැත. සිහි මුර්ජා වීමකි සිදුවන්නේ .නමුත් එය වෛද්‍ය නලාවට හසු නොවන බවත් ,එවන් රෝගීන් කිසිදාක මිය නොයන බවත් ,එවැනි රෝගීන්ට තමන් ජීවය ලබා දෙන බවත් පැවසුහ. කිසිදිනක කිසිදු මුදලක් නොගෙන තමන් ලගට එන රෝගින් සුව කරන බවද පැවසුහ.
ඒමිස් මහතා දරුවන් දරියන් සමගින්-
සර්පයකු දෂ්ඨ කල අයකු තමන් ලගට ආවිට ඹහුගේ හැසිරීම් රටාව අනුව දර්ඨකල සර්පය නයෙක්ද ,පොලගෙක්ද එසේත් නැත්නම් වෙනත් සතෙක් ද යන්න සැකහැර දැන ගැනීමේ ශක්තිය ඒමිස් මහතාට තිබිණ.
මුනුබුරු මිනිබිරියන්-
මෙවන් ඉසිවරයන් හමුවන්නේ ඉතා ම අල්ප වශයෙනි. මෙවැනි ඉසිවරයන් ඇගයීමට ලක්කළ යුතුය . දරුවන් 18 ක්,මුණුබුරු මිණිබිරියන් 120 ක් සිටින ඒමිස් මහතා ඉතාමත් වාසනාවන්තය . මෙවැනි දරුමුනුබුරන් පිරිසක් බිහිකළ ඹහු ගේ සර්පවිෂ ශාස්ත්‍රය ඇගයීමට ලක්කළ යුතුය. ශ්‍රී රාජ් මාධ්‍යවේදියකු ඉතා දුෂ්කර ගම්මානයක් වන ගාල්ල හිපංකන්දට ගොස් ඒමිස් මහතා බැහැදුටුවේය.ඹහු ගේ දක්ෂතාවයට අප අගය කළයුතුය. මෙවැනි දක්ෂ වෙදමහතුන් අද සමාජයෙන් ගිලිහී යාමටය ඉඩදිය නොහැකිය . ඒමිස් ඉසිවරයාට චිරාජ් කාලයක් ජීවත්වන්නය ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනය ප්‍රාර්ථනා කරයි
වීඩියෝව නරඹන්න subscribe කරන්න