Spread the love

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ අතර පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 16 ට වැඩි පිරිසට දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතයි. එම එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.