Spread the love

නිමල් රාජපක්ෂ-

අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නා යුගයක අස්ථාන ගතවු මුදල් පසුම්බියක් අයිති කරු සොයා බාරදීමේ සිද්ධියක් මරදාන දුම්රිය මුලස්ථානයෙන් වාර්තාවෙයි.
අදාල මුදල් පසුම්බිය මරදාන දුම්රිය මුලස්ථානයේ දොරටුව අසළ වැටී තිබි දුම්රිය ආරක්ෂක සේවයේ සැරයන් ප්‍රසන්න ප්‍රයලාල් මහතා අසුලා ගෙන ඇත. මුදල් පසුම්බියේ බැංකු කාඩ්පත් රුපියල් වටිනා ලියකියවිලි රුපියල් 13290 ක් වටිනා මුදලක් තිබු බව මරදාන දුම්රිය මුලස්ථානයේ කාර්යභාර නිලධාරී තිලක්නන්ද විජේරත්න මහතා පවසයි.

පසුව මුදල් පසුම්බියේ අයිතිකරු කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තුසිත අබේවර්ධන යන අයකු වන බවට තොරතුරු තහවුරු වීමෙන් අනතුරව ඹහු සිය සේවා ස්ථානයට කැදවා අන්‍යතාවය තහවුරු කිරිමෙන්පසු සිය මුදල් පසුබිය බාරදීමට දුම්රිය ආරක්ෂක නිලධාරින් පියවර ගෙන ඇත.