Spread the love

මහ කන්නයේ වී අස්වනු අඩුවීමෙන් පීඩාවට පත් ගොවීන් සදහා හෙක්ටයාරයකට රුපියල් 50000 දිරිදීමනාවක් ගෙවීමට සැලසුම් කර ඇතිබව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.

මේ සතියේ සිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.2021 – 2022 මහ කන්නයේ වී අස්වනු අඩු වු ගොවීන් ලක්‍ෂ 11 කගේ හෙක්ටයාර් ලක්‍ෂ 08 ක් සදහා එම දිරිදීමනාව ගෙවීමට නියමිතයි. මෙම වන්දි මුදල දිරිදීමනාවක් ලෙස උපරිම වගා වපසරිය අක්කර 05 ක භූමි ප්‍රමානයකට ගෙවීමට සැලසුම් කර තිබේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ටද අදාළ දිරිදීමනාව හිමිවෙයි. වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය කාබනික ආහාර එළවඵ,පලතුරු,මිරිස් ,ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්‍ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.