Spread the love

2021 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෞද්ගලික අයදුම්කරුවන්ට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබඳ චක්‍රලේඛනයක් මගින් රජයේ පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ. විභාගය සදහා අයදුම්පත් භාරගැනිම ලබන 20 වෙනිදායින් අවසන් වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විභාගය සදහා අයදුම් කර යුතු අයදුම්පත්‍රය www.doenets.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.එම වෙබ් අඩවියට පිවිස විභාගය සදහා අයදුම් කර හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.