Spread the love

එළඹෙන 26 (සදුදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙයින්, එදිනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් සඳහා අයදුම් කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර (Reschedule) ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසයි.


  

2022.12.26 පෙ.ව. 8.00 – පෙ.ව.10.00 2022.12.27 අගහරුවාදා
2022.12.26 පෙ.ව. 10.00 – ප.ව.12.00 2022.12.28 බදාදා
2022.12.26 ප.ව. 12.00 – ප.ව. 2.00 2022.12.29 බ්‍රහස්පතින්දා
2022.12.26 ප.ව. 2.00 න් පසු 2022.12.30 සිකුරාදා

එසේ හෙයින් 2022.12.26 දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වලට පැමිණීමෙන් වලකින ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.