Spread the love

පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවෙ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මංත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා ,දිස්ත්‍රික් නායකත්ව,ආසන සංවිධායක ධූර ඇතුළු සියලු තනතුරුවලින් සහ මධ්‍යමකාරක සභා සාමාජිකත්වයෙන් වහා ඉවත් කිරීමට පියවර ගෙන ඇතිබව පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මේ බව අදාළ මංත්‍රීවරුන්ට ලිපි මගින් දැනුම් දීමට කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මංත්‍රීවරුන් 14 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

ඒ අතුරින් මහින්ද අමරවීර ,නිමල් සිරිපාලද සිල්වා ,ලසන්ත අලගියවන්න ,ශාන්ත බණ්ඩාර,සුරේන් රාගමන්,චාමර සම්පත් දසනායක ,ජගත් පුෂ්පකුමාර ,රංජිත් සියඹලාපිටිය යන මංත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ වෙමින් අමාත්‍ය ධූර ලබා ගෙන තිබේ.

දුමින්ද දිසානායක ,දයාසිරි ජයසේකර ,සාරතී දුෂ්මන්ත මිත්‍රපාල,ශාන් විජයලාල් ද සිල්වා ,අංගජන් රාමනාදන් යන මංත්‍රීවරුන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැදීසිටියී.