වර්තමාන රජයේ ප්‍රධානීන් එක එක ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය තුළට දමමින් පිට පිට බොරු ප්‍රවෘත්ති මවමින් ගොබෙල්ස් න්‍යාය අනුව එය මිනිසුන්ගේ මනසේ සත්‍යක් ලෙස ස්ථාපිත කිරීමේ දරුණු කුමන්ත්‍රණයක නියැලී සිටින බවත් ඒ යටතේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් රජයට එක්වන බවට වන ප්‍රචාරයක නියැලී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එහෙත් පාර්ලිමේන්තුවේ ඇති සැබෑ සත්‍ය නම් චන්දිම විරක්කොඩි, ජයන්ත හේරත් වැනි පොහොට්ටුවේ විශාල කණ්ඩායමක් විපක්ෂයට එක්වී ඇති බවත් තවත් පිරිසක් පැමිණිමට නියමිත බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සැබෑ තත්ත්වය වසන් කරමින් රජය බොරු ගොතමින් රටට ඇති එකම උත්තරය සහ විකල්පය වන සමගි ජන බලවේගය විනාශ කිරීමේ උත්සාහයක නිරත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම නිවුස් ප්ලාන්ට් කරමින් ජනතා විශ්වාසය දිනා ගත් සමගි ජන බලවේගය දෙකඩ කිරීමට ආණ්ඩුව ගන්නා මේ උත්සාහය පරාජය කරන බවත් ආණ්ඩුව හැරදා විපක්ෂයට මන්ත්‍රීවරුන් පැමිණියත් එසේ පැමිණෙන හැමෝම බාර ගැනීමට විපක්ෂය සූදානම් නොමැති බවත් එසේ පැමිණෙන මන්ත්‍රීවරුන් අතුරින් නිවැරදි තෝරා ගැනීමක් සිදු කරන බවත් ඔවුන් රාජපක්ෂ වහලුන් නොවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.