Spread the love



කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නිරෝධානය ඇදිරි නීතිය පැනවීමත් සමගින් මසකට අධික කාලයක් දුම්රිය ධාවනය නොවීමෙන් දුම්රිය ‍දෙපාර්තුමේන්තුවට රුපියල් මිලියන 390 ක් ආදායමක් අද(14) වනවිට අහිමි වී ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (වානිජ) වී.එස් පොල්වත්ත ගේ මහතා පවසයි.

අගෝස්තු මස 20 දින නිරෝධානය ඇදිරිනිතිය පැනවීමත් සමගින් දුම්රිය ධවනය මුළු මනින්ම ඇනහිට තිබිණ.එසේ ධාවනය නතර කිිරීමේන් දුම්රිය දෙපාර්තුමේන්තුවට ප්‍රවේශ පත්‍ර ආදායම ,භෝජනාගාර ආදායම ,පාර්සල් හා තැපැල් ආදායම ,තෙල් ප්‍රවාහනයෙන් ලැබෙන ආදායම් දිනකට මිලියන 15 ක ආදායමක් අහිමි වීතිබේ.
දුම්රිය ට බොහෝ විට සතිඅන්නතයේ දුරගමන් සේවා සදහා ප්‍රවේශපත්‍ර ආදායමේ දැඩි වෙනසක් සිදු වන අවස්ථාවද බොහෝයි. නමුත් අද වනවිට දින 26 ක් තිස්සේ දුම්රිය ධාවනය නොවීමෙන් මෙසේ ආදායම් අහිමිවී තිබේ.
නිරෝධානය ඇදිරිය හේතුවෙන් සීමිත පිරිසක් සේවය කරන බැවින් පඩිනඩි හා අතිකාල සදහාද විශාල වියදමක් නොයනු ඇත.
දුම්රිය ධාවනයේදී දිනකට දුම්රිිය ගමන්වාර 340 ක් ධාවනයට එක් වුවද මේ වනවිට තෙල් සදහා යන වියදම පමණක් ඉතිරි වී තිබේ.
නමුත් අවශ්‍යතාවයට පරිදි මේ වනවිට කටුනායක,මඩකලපුව ,අනුරාධපුරය ,පේරාදෙණිය හා ගාල්ල යන ප්‍රදේශවලට තෙල් දුම්රිය කිහිපයක් ධාවනය කරන අතර ප්‍රීමා පිටි ප්‍රවාහනය සදහා දුම්රිය කිහිපයක් ධාවනය කෙරෙන බවද පොල්වත්තගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.