ඉන්දියාවේ සිට කොල්ලු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කළ රුපියල් 6,417,467/=වටිනා ඉගුරු ,උදු හා තල් සුකිරි තොගයක් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කුළු බඩු තොගයේ කොල්ලු කිලෝ 18000 ක්,වියලි ඉගුරු කිලෝ 2474 ක්,උදු කිලෝ 2465 ක්, තල් සූකිරි කිලෝ 248 ක් තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කල සැක සහිත බහාලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිවාරණ අංශයේ නිලධාරීන් ඔරුගොඩ වත්තේ RCT බහාලුම් අංගනය තුළ පිහිටි රේගු බහාලුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී කළ විශේෂ පරීක්ෂාවකදී මෙම කුළු බඩු තොගය සොයා ගෙන තිබේ.

මුළු භාණ්ඩ තොගයේ වෙළඳපොළ වටිනාකම රු. 6,417,467/= බවට තක්සේරු කර තිබෙන අතර මෙම නීති විරෝධී ආනයනය සාර්ථක වූවා නම් එමගින් රජයට අහිමි වීමට තිබූ ආදායම රු. 1,838,636/= බව ගණන් බලා ඇත.
ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන නිවාරණ නිලධාරි සේනක ඇරවුපොල මහතාගේ උපදෙස් මත ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරි අරුණ ශාන්ත මහතා ප්‍රමුඛ නිවාරණ අංශයේ නිලධාරීන් විමර්ශනය අවසානයේ රේගු පරීක්ෂණයක් පවත්වා භාණ්ඩ රාජසන්තක කොට අදාළ සැකකරුවන්ට දඩ පැනවීමට නියමිතයි.
