Spread the love

ආනයනික ටයර් මිල සියයට 15 කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය පවසනවා .

ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු මෙලෙස ටයර් මිල අඩු කිරීමට හැකි වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ .

අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කල හැක්කේ සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් බවද ටයර් ආනයනකරුවෙන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆොන්සේකා මහතා කියා සිටියා .

ඒ පැරණි ටයර් තොග වෙළෙඳුන් සතුව පැවතිම බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ