Spread the love

ස්වාභාවික ආපදා අවස්ථාවක දී පීඩාවට පත්වන ජනතාවගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා කාර්යාලය පවසයි.

ඒ අනුව සුනාමි,ගංවතුර,සුළි සුළන්,නාය යෑම්,කුනාටු වැනි ආපදා අවස්ථාවලින් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් තාවකාලික ආරක්ෂිත රැඳවුම් ස්ථාන 18ක් ඉදිකර තිබේ.

රත්ගම ,නෙළුව ,තවලම ,වැලිවිටිය දිවිතුර ,නියාගම ,ගාල්ල ,බද්දේගම සහ අක්මීමන ඇතුළු ප්‍රදේශ කිහිපයක ආරක්ෂිත ස්ථාන ආරම්භ කර ඇතිබව එම කාර්යාලය පවසයි.එම ස්ථාන අවශ්‍ය මූලික පහසුකම් වලින් සමන්විත බව ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.