Spread the love

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් රෝහල් දෙකකට පරිත්‍යාග කිරීමට තීරණය කරයි.

ඒ අනුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කර ඇත.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට මහරගම අපේක්ෂා රෝහල වෙතද ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ