Spread the love

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහල නංවා තිබෙනවා.

ඇපල් කිලෝ ග්‍රෑමයක බදු රුපියල් 200කින් ඉහළ යන අතර මිදි කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 100කින් ඉහළ යනවා.

දොඩම් කිලෝ ග්‍රෑමයක් සදහා බදු ඉහළ යෑම රුපියල් 75ක්.

දෙළුම් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100කින් විශේෂ වෙලෙද භාණ්ඩ බද්ද වැඩි කොට තිබෙනවා.

යෝගට් කිලෝ ග්‍රෑම 1ක් සඳහා වැඩිවන බද්ද රුපියල් 200ක්.

මීට අමතරව චීස් සදහා ප්‍රකාශයට පත්කර ඇති නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 400ක්