Spread the love


නිමල් රාජපක්ෂ-

මෙම මාසයේ රටට IMF සහනය ලබාදෙන විට ඩොලර්වල වටිනාකම අඩුවන බවත් අද වන විට රට ඉහළට පැමිණ ඇති අවස්ථාවක මෙම තත්ත්වය වර්ධනය
කර ගැනීම ආණ්ඩුවේ වගකීමක් සහ යුතුකමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (.08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා,“අද විපක්ෂයේ ගොඩක් දෙනෙක් කියනවා රජය IMF ගැන කියනවා විතරයි ඒ ගැන කිසිම පිළිතුරක් නැ කියලා. පහුගිය කාලයේ ඇතිවු කොරෝනා වසංගතයෙනුත් පසුව අරගලයක් ඇතිකරමිනුත් සංචාරක ව්‍යාපාරය කඩා වැට්ටුවා. අපනයන ආර්ථිකය කඩා වැටුණා.

මේ තත්ත්වය තුළ රට ඉතාම බරපතල ආර්ථික අවපාතයකට ලක්වුණා. ඒ නිසයි තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය ඇති වුණේ. නමුත් මෙයින් ගොඩ එන්න ඕන නිසා රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් පත් වුණා. අපි එතන ඉදන් එතුමාට සහය දෙමින් පොදුජන පෙරමුණ හැටියට අපේ ආණ්ඩුව ඉස්සරහට ගිය නිසා අද වන විට තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැ. ඒ නරක තත්ත්වය හොඳ තත්ත්වයට එන වෙලාවක්.

මෙය දන්න විපක්ෂයේ අය, අන්තවාදි කණ්ඩායම් සංචාරක ව්‍යාපාරය කඩා වට්ටන්න අද පාරට මිනිස්සු ගේනවා. කොළඹට මේ පිරිස් නොයෙකුත් උද්ඝෝෂණ වලට ජනතාව සහභාගි කිරීම නිසා සංචාරකයන්ගේ පැමිණීමට බාධාවක් එල්ලවෙනවා. බාධා කරන්නේම ඒ අරමුණ මුල් කරගෙන. ජනතා විමුක්ති පෙරමුණේ කියලා සංවිධාන එනවා. පෙරටුගාමි කියලා තව පිරිසක් එනවා. අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කියලා තව පිරිසක් එනවා. මේ ඔක්කෝම ඇවිල්ලා කරන්නේ අපේ ආර්ථිකය කඩා වැට්ටිමට අවශ්‍ය මඟ පාදා ගැනීම පමණයි. මේ තත්වයෙන් ගොඩ එන්න නම් අපි සියලුදෙනා එකතු වෙන්න ඕන. අපි රටේ ආර්ථිකය හදලා පසුව දේශපාලනය කරමු.