Spread the love



තරලා කනම්පැල්ල කැලයේ වගුරු බිමක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් හතලිස්පන්ලක්ෂ පනස්දාහක් ( රු. 4,550,000/-) වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ ගෝඩා මිලි ලීටර් 730,000 ක්, කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 563,000 ක්, දගර, ගෑස් සිලින්ඩර, ගෑස් ලිප්, වඩි බැරල, ගෝඩා උපකරණ හා
එසමග මත්පැන් හා මත්පැන් නිෂ්පාදනය සදහා යොදාගන්නා උපකරණ හා අමුද්‍රව්‍ය තොගයක් තිබු බව
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
සැකකරු නිතිවිරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාරය ඉතා රහසිගත ලෙස කැලයේ සකසා තිබූ බවත් කිසිදු අයුරකින් ප්‍රදේශයේ පුද්ගලයින් හට දැනගැනීමට නොහැකි අයුරින් මෙම ස්ථානය සකසා තිබූ බවත් සුරාබදු නිලධාරීන් පවසයි.
මෙම දිනවල රජයේ අනුමත මත්පැන් විකිණීමේ ස්ථාන වසා තැබීම හේතුවෙන් පවතින මත්පැන් සදහා දැඩි ඉල්ලුම හේතුවෙන් සංචරණ සීමා පැවතිය ද කෙසේ හෝ තම ගැණුම් කරුවන් සිටින ප්‍රදේශ කිහිපයකට රැගෙන ගොස් අධික මිල ගණන් වලට නීති විරෝධී ලෙස පෙරන ලද මෙම මත්පැන් අලෙවි කරන බවත් , ඉල්ලුමට සරිලන පරිදි තමා හට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි බවත් අනාවරණය වී තිබේ.
එම සැකකරු කණම්පැල්ල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 28 ක් පමණ වන සිංහල ජාතික තරුණයෙක් වන අතර නීති විරෝධී ලෙස මත්පැන් පෙරීම, මත්පැන් පෙරීම සදහා උපකරණ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් ස්ප්රීතු (කසිප්පු) සන්තකයේ තබාගැනීම, මත්පැන් පෙරීම සදහා සාදන ලද මත්පැන් (ගෝඩා) සන්තකයේ තබාගැනීම යන චෝදනා වලට අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප ලබා දීම සිදු කරන ලද අතර මෙම සැකකරු ඉදිරි දිනයකදී පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් තුමාගේ , සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ , නියෝජ්ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) ගාමිණී අධිකාරී , සුරාබදු අධිකාරී (කොළඹ විශේෂ මෙහෙයුම් ඒ්කකය ) එච්.එච්.ඩී.ජයවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන්, සුරාබදු පරීක්ෂක ඉන්දික ,සුරාබදු කෝප්රල් 679 ජගත් මහතාගේ ඔත්තුවකට සුරාබදු කෝප්රල්වරුන් වන 825 මංජුල, 922 සංජය, 997 නිලන්ත, සුරාබදු නියාමක රියදුරු හේරත්, තිලිණ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.