Spread the love


මුළු දිවයිනටම බලපාන පරිදි අද (02) පස්වරු 06.00 සිට 4 වැනි සදුදා අළුයම 06.00 දක්වා ඇදිරි නීතිය පැනවීම ත් සමගින් අදාල කාලසීමාව තුළ මගී දුම්රියයන් කිසිවක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
නමුත් අත්‍යවශ්‍ය සේවාවන් වන තෙල් දුම්රිය හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන )ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි

අද දිනයේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියයන් හැර මධ්‍යම රාත්‍රිය දක්වා ධාවනය වීමට නියමිත අනෙකුත් සියළුම දුම්රියයන් අදාල ගමනාන්තය තෙක් සාමාන්‍ය පරිදි ධාවනය වන බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.