Spread the love

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිඋවෙතට විරෝධය පාමින් අද (03) පෙරවරුවේ කොළඹ කේන්ද්‍ර කරගනිමින් සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබෙනවා.

මොවුන් නිදහස් චතුරශ්‍රයට ඒමට පටන් ගත් අවස්ථාවේ එම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමග මේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර පවතින තත්වය හමුවේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරයක් දැන් කොළඹ දී පැවැත්වෙනවා.

මේ සඳහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ මනෝ ගනේෂන් ද සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.