Spread the love

ලබන (21) අඟහරුවාදා අළුයම 04.00 දක්වා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් පනවනවාද නැද්ද යන්න අද (17)තීරණය කරනු ඇතිබව  කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන කොරෝනා මර්දන කාර්‍ය සාධක බලකා රැස්වීමේදී එම තීරණය ගනු ඇතිබව පැවසීය.